ඔයාලා හැමෝම වගේ මොනව
හරි භාෂාවක් දන්නවා. සිංහල, දෙමල , ඉංග්‍රීසි ඔය ඕනෑම දෙයක්. හැබැයි ඒ ඔක්කොම
Human Languages.. හැබැයි ඒ භාෂාව අපි දන්නවා නම් කියන ලියන ඕනෑම මාදිලියකින්
අදහස් දැක්වුවත් අපිට තේරෙනවා. ඒ අපි ඒ භාෂාව දන්න නිසයි. නැත්නම් ඉගෙනගෙන තියෙන
නිසයි.
හිතන්න මිනිසා විසින්ම
නිර්මාණය කරන Computer එක සිංහල දන්නවද... නැත්නම් දෙමල... හැබැයි කෙනෙක් කියන්න
පුළුවන් Computer එක ඉංග්‍රීසි නම් දන්නවා කියලා... හැබැයි ඇත්තටම ඔබ වැරදි. Computer
එක දන්නේ හරිම සුළු දෙයක් විතරයි. විදුලිය සම්බන්ධතාවයක් තියෙනවා , නැතිවෙනවා...
එච්චරයි. මේ විදිහට සම්බන්ධතාව ඇතිවෙනවා නැතිවෙනවා කියන සංකල්පය විද්‍යාව පැත්තෙන්
බැලුවොත් IN and OUT ලෙස හෙවත් 1 and 0 ලෙස හදුවනු ලබනවා.
ඉතින් මේ විදිහට 1 සහ 0
විතරක් නම් Computer එක දන්නේ කොහොමද අපි කියන හැමදේම කරන්නේ... එයාට අපි කියන එක
තේරෙන්නේ කොහොමද... හිතන්න ඔයා යනවා කියාල ජපානයට.... ඔයා Japan Language එක
මොකක්ද කියලා වත් දන්නේ නැ... ඉතින් ඔය කොහොමද කතා කරන්නේ... එක්කෝ ඔයා භාෂා
පරිවර්තකයෙකුට කියලා භාෂාව පරිවර්තනය කරගනීවි. නැතිනම් හස්ත සංකේත හරහා කොහොම හරි
වැඩේ ගොඩ දාගනිවී.
බලන්න මේ ක්‍රම දෙකේදීම
ඔයා දෙන්නම දන්න අතරමැදි භාෂාවක් ඔයාලට නොදැනීම භාවිතා වෙලා. අන්න ඒ වගේ තමයි...
අපි Computer Languages දන්නේ නැති උනාට Human Languages දන්නවා... Computer එකත්
Human Languages දන්නේ නැති උනාට 1 and 0 කියන එක දන්නවා. ඉතින් මේ දෙන්නවම හොදින්
තේරුම් ගන්න පුළුවන් දෙපාර්ශවය අතර පැහැදිලිව අදහස් හුවමාරුකරගන්න පුළුවන්
මාදිලියක් නැතහොත් භාෂා බොහොමයක් මේ වනවිට ලෝකයට බිහිවෙලා තියෙනවා... ඒවා නමින් Programming
Languages විදිහට හදුන්වනවා.
ඒ වගේ බිහිවුණු Programming
Languages කිහිපයකට උදාහරණ ලෙස....
දැක්විය හැකියි.
No comments:
Post a Comment