Java programming language එකක් කියලා ගොඩක් අය දන්නවා. එකෙන් වැඩත් අරන් තියෙනවා.
හැබැයි එක කවුද හැදුවේ. Java වල පියා කවුද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් දන්නේ නැ.
අපි අද කතා කරමු ඒ ගැන.
1955 මැයි 19 දින උපදින James
M. Goslin කියන පුද්ගලයා Canadian ජාතිකයෙක්. University of
Calgary යෙන් උපාධිය ලබාගන්නා මොහු, Carnegie Mellon University යෙන් ඔහුගේ MA and Phd උපාධි සම්පුර්ණ කරනවා. පරිගණකයට ආදරය කල ඔහු compilers and mail
systems බොහොමයක් නිර්මාණය
කරනවා. ඒ ඔහු Carnegie Mellon University රැකියාව කරන අතරතුරයි.
ඉන් අනතුරුව ඔහු එක්වෙනවා Sun Microsystems සමාගම සමග. එහි
ආයතන ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මොහු, ඔහුගේ නායකත්වය යටතේ Computer Language
එකක් නිර්මාණය වෙනවා. එය නමින් Java programming language විය. 1995 මැයි මස 23 වනදා කලඑළි දුටු Java programming language අද වන විට ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා.
මොහු මෙහි කලක් මෙහි සේවය කරන අතරතුර කාලයේ
Sun Microsystems සමාගම මුල්‍යමය
පැත්තෙන් දුර්වල වන්නට විය. මෙය දුටු Oracle Corporation කලක් තිස්සේ මේකේ වටිනාකම හොදින් අදුනගන්න්වා. ඒ නිසාම
ඔවුන් Sun Microsystems සමාගම ඔවුන්
මිලදී ගන්නවා. අවාසනාවට ඔවුන් එය මිලදී ගන්නේ James
M. Goslin ගේ රැකියාව අහිමි
කරමින්.
2011 මාර්තු 28 James
M. Goslin ප්‍රසිද්දියට පත්කරනවා
ඔහු දැන් Google සමාගමට සේවය සපයනවා
කියලා. නමුත් වැඩි කලක් යාමට ප්‍රථමව ඔහු නැවතත් කියාසිටිනවා තමන්ගේ රැකියාව වෙනස්
කල බව. ඒ ඔහු Liquid Robotics. සමාගම සමග එක්වෙමින්.
නමුත් 2017 මැයි 22
ඔහුගේ Facebook ගිණුමේ සටහනක් තබනවා
ඔහු Amazon Web
Services හා සේවයට එක් වූ බව. අද
වනවිට ලොව පුරා Java පරිශීලකයන් Oracle කියන විදිහට නම් මිලියන 9ක් ඉන්නවා. Wikipedia කියන විදිහට නම් මිලියන 10ක් ඉන්නවා.
කෙසේ නමුත් කියන්න තියෙන්නේ මෙපමණ
පිරිසක් ඉන්න Java හදපු පුද්ගලයා අද එක ආයතනයක රැකියාවකට කොටු වෙලා. අපේ අදහස නම් James
M. Goslin හට ජිවිතේ කොහේ හරි
වරදින්න ඇති. ඔයාලත් හොයන්න දැනගන්න... ඉගෙනගන්න... ඒ වැරැද්ද ඔයාලගේ ජිවිතේ
නොවෙන්න...
No comments:
Post a Comment