මෙන්න මේ හැමදෙයක්ම ඔයාට
Cource එකක් විදිහට ඉගෙනගන්න පුළුවන් තැනක් හදන්න Google
සමාගම වගබලාගන්නවා. ඒ Google education
platform එක සපයන Udacity හරහායි. මේ
හරහා ඔයාලට Short Course වගේම Nano-Degree
Courses හැදෑරීමටත් අවස්ථාව හිමිවෙනවා. දැනටමත් මේ හරහා Artificial
Interligence, Data Science,
Machine Learning, Web Development, Mobile Development
වගේ Courses බොහොමයක් මේ හරහා හැදෑරීමට ඔයාලට අවස්ථාව හිමිවෙනවා.
Google සමාගම දැන් අලුත්ම වැඩක් පටන් අරන්
තියෙනවා ඒ Google education platform එක
සපයන Udacity හා එක්වයි. ඔවුන් Scholarship
50,000ක් නොමිලේ ලබාදෙන්න සුදානම් වෙලා ඉන්නවා. ඒ Web Development සහ Mobile Development
කැමති Developers ලා වෙනුවෙන්. මේකේ පළවෙනි පියවර විදිහට තෝරාගත් 50,000 ක පිරිසකට
මාස තුනක Course එකක් හැදෑරීමට අවස්ථාව
හිමිවෙනවා. ඒ සදහා ඔවුන්ට HTML and
CSS, offline web
applications, Android
basics, සහ developing
Android apps අතරින් කැමති course
එකක් තෝරාගැනීමට අවස්තාව හිමිවෙනවා.
මේ මාස තුනෙන් පසුව, තෝරාගත්
Course අතරින් වඩාත්ම දක්ෂයින් 5,000 ක් තෝරාගෙන ඔවුන්ට නැවතත් Nano-Degree Programe එකකට සහභාගී
වීමට අවස්ථාව ලබාදෙනවා. ඒ හරහා ඔවුන්ට front-end web
development, mobile
web, සහ sophisticated
Android development පිලිබදව වැඩිදුර
හැදෑරීමට අවස්ථාව ලබාදීමට Google සමාගම
සුදානමින් සිටිනවා.
මේ වනවිට මේ සදහා
ඇමෙරිකාවේ සහ කැනඩාවේ වෙසෙන්නන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. අපගේ අදහස
නම් වැඩි දවසක් යාමට ප්‍රථම ආසියා-පැසිපික් කලාපයටත් මෙයට අයදුම් කිරීමට අවස්ථව ලැබෙනු ඇතයි කියයි.
කෙසේ නමුත් දැනටමත් ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා ඉහත සදහන් කල නොකළ බොහොමයක් Courses
හැදෑරීමට ඔබට හැකියාව ඇතිබව මතක් කල යුතුම
කරුණකි. වැඩි විස්තර ඔයාලට මේ Link එකෙන් දැනගන්න
පුළුවන්.
No comments:
Post a Comment