අද අපි ඔයාලට කියන්න
යන්නේ Java නිවසට අලුතෙන්ම එකතු උන
අමුත්තාගේ නවාංග ගැනයි. Java language එක විවිධ වෙනස්කම් එකතු කරමින්, classes, library එකතු වෙමින් මේ වන විට JDK 1.0
වලින් පටන්ගෙන Java SE 9
දක්වා ඔවුන් ඇවිත්
තිබෙනවා. Java SE 9 කියන්නේ Java පවුලේ අලුත්ම සාමාජිකයා. 2017 සැප්තැම්බර් මස 21 වන දින මෙහි මුදාහැරිම
සිදු වුවද , 2017 ඔක්තෝබර් මස 17 වන දින එහි 12 Bugs Fixes Version එකක් මුදාහැර
තිබෙනවා. මෙහි Developers ලට වැදගත් වෙන නවාංග කිහිපයක්ම ඇතුලත් කර තිබීම
විශේෂත්වයක්.
කලින් Java Version වලදී අපි Jshell පාවිච්චි කරා. නමුත් එක Java + REPL (Read-Eval-Print-Loop)
එකතුවක් විදිහට. එකත් official use එකක් විදිහට නෙවෙයි. Java එක්ක ඉන්න අය මේක
හොදටම දන්නවා. හැබැයි දැන් මේ දෙකම එකතු කරලා jshell විදිහට official release
එකක් Java SE 9 සමග එකතු කරලා තියෙනවා.
මෙන්න මේ API එක Java SE 9 එකත් එක්ක එකතු වීම නම්
නියමයි. ඔයාලට පුළුවන් images ගොඩක් නැත්නම් එකම image එකේ වෙනස් වූ resolution සහිත
images set එකක්ම එකම object එකක් ඇතුලේ තියාගන්න. මේ නිසා එක object එකක් access
කරලා images set එකක්ම retrieve කරන්න දැන් පුළුවන්.
Java වලින් කරපු app එකක් ඕනෑම computer එකක run කරන්න පුලුවන්ද... ඇත්තම
කිව්වොත් හැම computer එකකටම එක valid නැ. හැබැයි Java SE 9 එක්ක එන මේ Publish-Subscribe
Framework එකේ interfaces implement කරගතහොත් ඔයා හදන app එකක් එයා එයා විසින්
ඔයාගේ app එක install කරන computer එකේ machine language එකට automatically
convert කරගන්නවා. එක නම් ඇත්තටම සුවිශේෂී වැඩක්.
ඔයාලත් Java Developer කෙනෙක් නම් ඇතිවෙනකම් Collection Framework එකත්
එක්ක වැඩ කරලා ඇති. දැන් කියන්න යන්නේ Java SE 9 වලින් Collection වලට
කරපු වෙනස්කම ගැන. ඉස්සර අපි line කිහිපයක්
අරගෙන ලිව්ව code එකක් දැන් ඔයාලට තනි line එකකින් ලියන්න පුළුවන් වෙලා තියෙනවා.
උදාහරණයක් විදහට
Stream.of(1,2,3,4,5,6,7,8,9,10).takeWhile(i
-> i < 5 ).forEach(System.out::println);
මේ code එක ගන්න පුළුවන්. එක අතකින් නම් ලේසියි. හැබැයි මේකේ අවාසිත්
නැතුවාම නෙවෙයි. බැලුවාම තේරෙනව ඇතිනේ.
Super
ReplyDelete