ඔබේ කැමති භාෂාව තෝරාගන්න

Free T-Shirts & Stickers නිවසටම (සම්පුර්ණයෙන්ම නොමිලේ)

ඔයාලා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ඔයාගේ Car එක, Bike එක, Laptop එක, phone එක, පොත් ආදී ගොඩක් දේවල් stickers වලින් සරසාගන්න. ඉතින් මේ sticke...

Saturday, November 4, 2017

Free Course එකක් කරන්න Chance එකක් (100% Free)

අපි හැමෝම දවසින් දවස, තත්පරයෙන් තත්පරය අපි ඉගෙන ගන්නවා. නමුත් දැන් ඉගනීම කියන එක හැම රටකම හැමෝටම නොමිලේ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර Subject ඉගනීමට නම් විශාල වියදමක් දැරීමට සිදුවන අවස්ථා තිබෙනවා. ඒ නිසාම සමහරුන්ට තමන් කැමතිම Subject හැදෑරීම සිහිනයක් වෙලා තියෙනවා. නමුත් අපි අද කියන්න යන්නේ එක හීනයක් කරගන්නේ නැතුව ඕනෑම Subject එකක් නොමිලේම ඉගෙන ගන්නේ කොහොමද කියන එක ගැනයි.



අද අපේ කතා නායකයා වෙන්නේ Open 2 Study. මේක ඕස්ට්‍රේලියාවේ company එකක්. මේක හරහා තමයි නොමිලේම ඉගෙන ගන්න අවස්ථාව හිමිවෙලා තියෙන්නේ. Open 2 Study වලින් ඔයාලට Management Courses, Psychology Courses, Food & Nutrition Courses, Web technologies Courses, Financial Management Courses, Music, Photography වගේ Courses බොහොමයක් හැදෑරීමට අවස්ථව හිමිවෙනවා. මෙහි සුවිශේෂිත්වය වන්නේ එක විෂය ක්ෂේත්‍රයකට කොටුනොවී, විවිධ ක්ෂේත්‍ර ගණනාවක් අන්තර්ගත කර තිබීමයි.


මේ site එකේ register වෙන ඔයාලට පුළුවන් කැමති course එකක් හෝ කිහිපයක්  තෝරාගෙන ඔයාලට අදාළ virtual class room එකකට යන්න. එකේ ඉන්නවා ලෝකේ වටෙන්ම ඔයාලා වගේම ඒ Course එකට register වෙලා class room එකට ආපු අය. 

මෙතනදී ඔයාලට ලැබෙනවා ඔයාගේ course එකේ Starting date එකේ ඉදන් End date වෙනකන්ම course shedule එක. ගොඩක් course මේ වෙලාවේ continue වෙන ගමන් තියෙන courses තමයි තියෙන්නේ. ඒ හින්දා එයාලා දීලා තියෙන time එකට ඒ class room එකට set වෙන්න ඔයාලට පුළුවන්

Open 2 Study එකේ lectures උනත් හරිම ප්‍රායෝගිකයි. ඔයාලට තේරෙන විදිහට එයාලගේ skills, lecture meterials හසුරුවන්න නම් එයාලා හොදටම දන්නවා කියලයි අපේ නම් අදහස. ඔයාලට ප්‍රශ්නයක් අවොත් ඒ වෙලාවේම එක comment එකකින් එක අහන්න පුළුවන්. ඔයාගේ lecturer හරි ඔයාගේ class room එකේ යාලුවෙක් හරි ඔයාට උත්තර දෙනවා ගොඩක් ඉක්මණින්. මේකෙන් ඔයාලට විවිද රටවල අලුත් යාලුවෝ අදුරගන්නත් අවස්ථාව තියෙනවා.

ඒ වගේම මේක කරනකොට සාමාන්‍ය course එකක් කරනවා වගේම exams / assignments එහෙමත් කරන්න වෙනවා. ඒ වගේම ඔයාගේ score එක අනුව ඔයාගේ classroom එක ඇතුලේ ඔයා rate වෙනවා. ඒ nisa කියලා දෙන දේවල් හොදින් අහගෙන, දන්නේ නැති දේවල්, ප්‍රශ්න ඒ වෙලාවේම නිරාකරණය කරගෙන හොද score එකක් ගන්න මහන්සි වෙන්න.

මෙන්න මේ වගේ Open 2 Study හරහා නොමිලේ Course කරනවා වගේම ඔයාලට පුළුවන් මෙයලගේම Proffecional path එක Australia Open-Universities වල ඔයාගේ උපාධිය, පශ්චාත් උපාධිය, ආචාර්ය උපාධිය සම්පුර්ණ කරන්න. හැබැයි මේකට නම් ඔයාලට ඒ ඒ course එකට අදාලව ගෙවීම් කරන්න සිදු වෙනවා. හැබැයි මෙතනදී ඔයාලා කරන්නේ නිකන්ම නිකං course එකක් නෙවෙයි, proffecional degree එකක් කියන එක අමතක කරන්න නරකයි.


මෙන්න මේ link එකෙන් register වෙන්න

**************************************************************
ඉතින් මේ ලිපිය ඔයාලා වගේම තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ post එක  share කරන්න නම් අමතක කරන්න එපා.

No comments:

Post a Comment