ඔබේ කැමති භාෂාව තෝරාගන්න

Free T-Shirts & Stickers නිවසටම (සම්පුර්ණයෙන්ම නොමිලේ)

ඔයාලා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ඔයාගේ Car එක, Bike එක, Laptop එක, phone එක, පොත් ආදී ගොඩක් දේවල් stickers වලින් සරසාගන්න. ඉතින් මේ sticke...

Wednesday, October 25, 2017

Google වෙතින් Scholarship 50,000ක්

Google සමාගම කියන්නේ  හැමවෙලේම එහි පරිශීලකයන්ට අලුත් දෙයක් දෙන තැනක්. ඒ වගේම මේ වන විට Google සමාගම බොහොමයක් සමාගම් සමග එකතු වී ලෝකයට බොහෝ සේවා සපයමින් සිටියි. ඒ අතරින් Google Developer Platform එක Developers ලට නැතුවාම බැරිවී අවසන්ය. ඒ අතරින් Android Platform එක, Web Platform එක, Google Map API අද්විතීය තැනක් ගනී.


මෙන්න මේ හැමදෙයක්ම ඔයාට Cource එකක් විදිහට ඉගෙනගන්න පුළුවන් තැනක් හදන්න Google සමාගම වගබලාගන්නවා. ඒ Google education platform එක සපයන Udacity හරහායි. මේ හරහා ඔයාලට Short Course වගේම Nano-Degree Courses හැදෑරීමටත් අවස්ථාව හිමිවෙනවා. දැනටමත් මේ හරහා Artificial Interligence, Data Science, Machine Learning, Web Development, Mobile Development වගේ Courses බොහොමයක් මේ හරහා හැදෑරීමට ඔයාලට අවස්ථාව හිමිවෙනවා.




Google සමාගම දැන් අලුත්ම වැඩක් පටන් අරන් තියෙනවා ඒ Google education platform එක සපයන Udacity හා එක්වයි. ඔවුන් Scholarship 50,000ක් නොමිලේ ලබාදෙන්න සුදානම් වෙලා ඉන්නවා. ඒ Web Development සහ Mobile Development කැමති Developers ලා වෙනුවෙන්. මේකේ පළවෙනි පියවර විදිහට තෝරාගත් 50,000 ක පිරිසකට  මාස තුනක Course එකක් හැදෑරීමට අවස්ථාව හිමිවෙනවා. ඒ සදහා ඔවුන්ට HTML and CSS, offline web applications, Android basics, සහ developing Android apps අතරින් කැමති course එකක් තෝරාගැනීමට අවස්තාව හිමිවෙනවා.

මේ මාස තුනෙන් පසුව, තෝරාගත් Course අතරින් වඩාත්ම දක්ෂයින් 5,000 ක් තෝරාගෙන ඔවුන්ට නැවතත් Nano-Degree Programe එකකට සහභාගී වීමට අවස්ථාව ලබාදෙනවා. ඒ හරහා ඔවුන්ට front-end web development, mobile web, සහ sophisticated Android development පිලිබදව වැඩිදුර හැදෑරීමට අවස්ථාව ලබාදීමට Google සමාගම සුදානමින් සිටිනවා.



මේ වනවිට මේ සදහා ඇමෙරිකාවේ සහ කැනඩාවේ වෙසෙන්නන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. අපගේ අදහස නම් වැඩි දවසක් යාමට ප්‍රථම ආසියා-පැසිපික් කලාපයටත්  මෙයට අයදුම් කිරීමට අවස්ථව ලැබෙනු ඇතයි කියයි. කෙසේ නමුත් දැනටමත් ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා ඉහත සදහන් කල නොකළ බොහොමයක් Courses හැදෑරීමට ඔබට  හැකියාව ඇතිබව මතක් කල යුතුම කරුණකි. වැඩි විස්තර ඔයාලට මේ Link එකෙන් දැනගන්න පුළුවන්.

Monday, October 23, 2017

Dropbox මුහුණ මාරු කරයි



ගොඩක් දෙනෙක් තමන්ගේ දත්ත ගබඩා කරන්න විවිධ තැන් යොදා ගන්නවා. සමහරු තමන්ගේ computer එකක් ඇතුලේ වගේම, තවත් සමහරු External Hard Drive හෝ Flash Drive දත්ත ගබඩා කරන්න යොදාගන්නවා. මෙන්න මේ අතරම බොහෝ පිරිසක් මේ වනවිට Cloud Storage යොදාගැනීමට හුරුවී සිටිනවා. අද කියන්න යන්නේ මෙයින් එකක් තමන්ගේ මුහුණ මාරු කරපු විදිහ ගැනයි.


Icoud, Google Cloud,  AWS S3, SmugmugDropboxSynaptop සහ Pinterest ප්‍රධාන තැනක් ගන්නවා. මේ අතරින් අපි අද කියන්න යන්නේ Dropbox ගැනයි. Dropbox ඔබත් බාවිතා කරන්නෙක් නම් මෙහි එන Symbol ඔබත් වඩාත් සමීප වනවාට කිසිදු සැකයක් නොමැත. 


Computer එකට තමන්ගේ Cloud Storage එක Sync වූ විගස System Tray Dropbox Icon කොළ පැහැති හරියකින් සලකුණු වුවා ඔබට මතක ඇති. ඒ වගේම Sync වන අතරතුර Circle loading සලකුනෙන්ද, Sync වීම නවතා ඇතිවිට Pause සලකුනෙන්ද, Internet connection නොමැති විට warnning සලකුනෙන්ද දක්නට ලැබුනා.


නමුත් දින කිහිපයකට ප්‍රථම Dropbox නිල වශයෙන් දන්වා සිටිනවා ඔවුන්  තමන්ගේ colour theme සම්පුර්ණයෙන්ම කළු-සුදු වර්ණයට මරු කල බව. ඒ අනුව දැන් Cloud Storage එක Sync වූ විගස System Tray Dropbox Icon සුදු පැහැයෙන් දක්නට ලැබෙන අතර. Sync වෙමින් පවතින විට අළු පැහැති Dropbox සලකුණ මත තද කළු පැහැයෙන් Circle loading ලකුණ දක්නට ලැබෙන අතර, Sync වීම නවතා ඇතිවිට අළු පැහැති Dropbox සලකුණ මත තද කළු පැහැයෙන් Pause සලකුනෙන්ද  Internet connection නොමැති විට Dropbox සලකුණ ළා අළු පැහැයෙන්ද දිස්වේ. තවද Notification ලැබුණු විගස සුදු පැහැති Dropbox සලකුණ මත රතු පැහැයෙන් ලැබුණු Notification ගණන දිස්වේ.


Friday, October 20, 2017

Java වෙනස් වෙලා

මේ වන විට ලෝකයේ Java language එක භාවිත කරමින් development කරන පිරිස සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. තාමත් සමහරු Java language තමන්ගේ ජිවිතේ කරගෙන අවසානයි. ඉතින් මේ හැමෝටම මේ ආරංචිය නම් ගොඩක් වැදගත් වේවි කියන එකයි අපේ අදහස නම්. 

අද අපි ඔයාලට කියන්න යන්නේ  Java නිවසට අලුතෙන්ම එකතු උන අමුත්තාගේ නවාංග ගැනයි.  Java language එක විවිධ වෙනස්කම් එකතු කරමින්, classes, library  එකතු වෙමින් මේ වන විට JDK 1.0 වලින් පටන්ගෙන Java SE 9 දක්වා ඔවුන් ඇවිත් තිබෙනවා. Java SE 9 කියන්නේ Java පවුලේ අලුත්ම සාමාජිකයා. 2017 සැප්තැම්බර් මස 21 වන දින මෙහි මුදාහැරිම සිදු වුවද , 2017 ඔක්තෝබර් මස 17 වන දින එහි 12 Bugs Fixes Version එකක් මුදාහැර තිබෙනවා. මෙහි Developers ලට වැදගත් වෙන නවාංග කිහිපයක්ම ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.


කලින් Java Version වලදී අපි Jshell පාවිච්චි කරා. නමුත් එක Java + REPL (Read-Eval-Print-Loop) එකතුවක් විදිහට. එකත් official use එකක් විදිහට නෙවෙයි. Java එක්ක ඉන්න අය මේක හොදටම දන්නවා. හැබැයි දැන් මේ දෙකම එකතු කරලා jshell විදිහට official release එකක් Java SE 9 සමග එකතු කරලා තියෙනවා.

මෙන්න මේ API එක Java SE 9 එකත් එක්ක එකතු වීම නම් නියමයි. ඔයාලට පුළුවන් images ගොඩක් නැත්නම් එකම image එකේ වෙනස් වූ resolution සහිත images set එකක්ම එකම object එකක් ඇතුලේ තියාගන්න. මේ නිසා එක object එකක් access කරලා images set එකක්ම retrieve කරන්න දැන් පුළුවන්.

Java වලින් කරපු app එකක් ඕනෑම computer එකක run කරන්න පුලුවන්ද... ඇත්තම කිව්වොත් හැම computer එකකටම එක valid නැ. හැබැයි Java SE 9 එක්ක එන මේ Publish-Subscribe Framework එකේ interfaces implement කරගතහොත් ඔයා හදන app එකක් එයා එයා විසින් ඔයාගේ app එක install කරන computer එකේ machine language එකට automatically convert කරගන්නවා. එක නම් ඇත්තටම සුවිශේෂී වැඩක්.

ඔයාලත් Java Developer කෙනෙක් නම් ඇතිවෙනකම් Collection Framework එකත් එක්ක වැඩ කරලා ඇති. දැන් කියන්න යන්නේ Java SE 9 වලින් Collection වලට කරපු වෙනස්කම ගැන. ඉස්සර අපි line කිහිපයක් අරගෙන ලිව්ව code එකක් දැන් ඔයාලට තනි line එකකින් ලියන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයක් විදහට

Stream.of(1,2,3,4,5,6,7,8,9,10).takeWhile(i -> i < 5 ).forEach(System.out::println);

මේ code එක ගන්න පුළුවන්. එක අතකින් නම් ලේසියි. හැබැයි මේකේ අවාසිත් නැතුවාම නෙවෙයි. බැලුවාම තේරෙනව ඇතිනේ.


ඔන්න ඔය වගේ විශේෂතා කිහිපයකින්ම සමන්විත වෙලා තියෙන Java SE 9 ඔයාලත් try කරලා බලන්න අමතක කරන්න එපා.

Thursday, October 19, 2017

Father of the Java programming language... (Java වල පියා)



Java programming language එකක් කියලා ගොඩක් අය දන්නවා. එකෙන් වැඩත් අරන් තියෙනවා. හැබැයි එක කවුද හැදුවේ. Java වල පියා කවුද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් දන්නේ නැ. අපි අද කතා කරමු ඒ ගැන.



1955 මැයි 19 දින උපදින James M. Goslin කියන පුද්ගලයා Canadian ජාතිකයෙක්. University of Calgary යෙන් උපාධිය ලබාගන්නා මොහු, Carnegie Mellon University යෙන් ඔහුගේ MA and Phd උපාධි සම්පුර්ණ කරනවා. පරිගණකයට ආදරය කල ඔහු compilers and mail systems බොහොමයක් නිර්මාණය කරනවා. ඒ ඔහු Carnegie Mellon University රැකියාව කරන අතරතුරයි. ඉන් අනතුරුව ඔහු එක්වෙනවා  Sun Microsystems  සමාගම සමග. එහි ආයතන ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මොහු, ඔහුගේ නායකත්වය යටතේ Computer Language එකක් නිර්මාණය වෙනවා. එය නමින් Java programming language විය. 1995 මැයි මස 23 වනදා කලඑළි දුටු Java programming language අද වන විට ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා.


 
මොහු මෙහි කලක් මෙහි සේවය කරන අතරතුර කාලයේ Sun Microsystems  සමාගම මුල්‍යමය පැත්තෙන් දුර්වල වන්නට විය. මෙය දුටු  Oracle Corporation කලක් තිස්සේ මේකේ වටිනාකම හොදින් අදුනගන්න්වා. ඒ නිසාම ඔවුන් Sun Microsystems  සමාගම ඔවුන් මිලදී ගන්නවා. අවාසනාවට ඔවුන් එය මිලදී ගන්නේ James M. Goslin ගේ රැකියාව අහිමි කරමින්. 



2011 මාර්තු 28 James M. Goslin ප්‍රසිද්දියට පත්කරනවා ඔහු දැන් Google සමාගමට සේවය සපයනවා කියලා. නමුත් වැඩි කලක් යාමට ප්‍රථමව ඔහු නැවතත් කියාසිටිනවා තමන්ගේ රැකියාව වෙනස් කල බව. ඒ ඔහු Liquid Robotics. සමාගම සමග එක්වෙමින්.

නමුත් 2017 මැයි 22 ඔහුගේ  Facebook ගිණුමේ සටහනක් තබනවා ඔහු  Amazon Web Services හා සේවයට එක් වූ බව. අද වනවිට ලොව පුරා Java පරිශීලකයන් Oracle කියන විදිහට නම් මිලියන 9ක් ඉන්නවා. Wikipedia කියන විදිහට නම් මිලියන  10ක් ඉන්නවා. 



කෙසේ නමුත් කියන්න තියෙන්නේ මෙපමණ පිරිසක් ඉන්න Java හදපු පුද්ගලයා අද එක ආයතනයක රැකියාවකට කොටු වෙලා. අපේ අදහස නම් James M. Goslin හට ජිවිතේ කොහේ හරි වරදින්න ඇති. ඔයාලත් හොයන්න දැනගන්න... ඉගෙනගන්න... ඒ වැරැද්ද ඔයාලගේ ජිවිතේ නොවෙන්න...